Finagle Lanka සමාගම වාර්ෂික අලෙවි සම්මාන ප්රදානෝත්සවය පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර විශ්වාසය දිනූ සන්නාමයක් වන Finagle Lanka පෞද්ගලික සමාගමේ වාර්ෂික අලෙවි සම්මාන ප්රදානෝත්සවය මීගමුව ග්‍රැන්ඩීසා හෝටල් පරිශ්‍රයේදී ආයතනයේ සභාපතිනි අනෝමා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආයතනයේ අලෙවි සහ බෙදා හැරීමේ ජාලයට කැපී පෙනෙන දායකත්වයක් දුන් නිලධාරීන්ගේ හා නියෝජිතයන්ගේ සේවය ඇගැයීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය. පසුගිය ගිණුම් වර්ෂය තුළ අලෙවි ඉලක්ක සාර්ථකව සපුරා ගැනීම, වෙළෙඳපොළ ප්‍රවර්ධනය, පාරිභෝගික සබඳතා වර්ධනය සහ ආයතනයේ ව්‍යාපාර වර්ධනය සඳහා දුන් දායකත්වය මත පදනම් වී විකිණුම් හා බෙදා හැරීමේ නියෝජිතයන් 150කට ආසන්න පිරිසක් අතරින් තෝරා ගත් විකිණුම් නිලධාරීන් 26 දෙනෙකු සහ බෙදා හැරීමේ නියෝජිතයන් 45 දෙනෙකු වෙත සම්මාන, සහතික පත්, මුදල් ත්‍යාග මෙන්ම දේශීය හා විදේශීය සංචාර අවස්ථා පිරිනමන ලදී. මෙම සම්මාන වැඩසටහන මඟින් කාර්ය මණ්ඩලය අතර තරගකාරීත්වය, කැපවීම සහ වෘත්තීය විශිෂ්ටත්වය තව දුරටත් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරිණි.
මෙහිදී Finagle Lanka ආයතනයේ අලෙවි විධායක කේ. ආර්. කේ. රාජපක්ෂ මහතා අලෙවි විධායක අංශයේ විශිෂ්ටම අලෙවි විධායකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ප්‍රාදේශීය අලෙවි කළමනාකරු දහම් උඩුකුඹුර මහතා අලෙවි කළමනාකරණ අංශයේ විශිෂ්ටම කළමනාකරු ලෙස ඇගැයීමට ලක් විය. එසේම R & T Distributors ආයතනය වසරේ විශිෂ්ටම බෙදා හැරීමේ නියෝජිත ආයතනය ලෙස සම්මාන දිනා ගනිමින් Finagle නිෂ්පාදන වෙළෙඳපොළට කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා දුන් සුවිශේෂ දායකත්වය වෙනුවෙන් ගෞරවයට පාත්‍ර විය. මෙම අවස්ථාවට Finagle Lanka සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ මහින්ද රණසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී කුෂාන් අමරසිංහ මහතා, අධ්යක්ෂ (විකිණුම් හා අලෙවි) බුද්ධි රත්නායක මහතා ඇතුළු ආයතනයේ සියලුම අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ. සම්මානලාභීන්ගේ ජයග්‍රහණ සමරමින් සහ ඔවුන්ගේ දායකත්වය අගයමින් පැවැති මෙම උත්සවය Finagle පවුලේ එක්සත්භාවය, කැපවීම සහ අනාගත අපේක්ෂා විදහා දැක්වූ සුවිශේෂ අවස්ථාවක් බවට පත් විය.